ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු"
කොළඹ නගර සීමාව තුළ දිනකට බැහැරලන ටොන් දහසකට අධික කසළවලින් වැඩි ප්‍රතිශතයක් නිවෙස තුළම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බව මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් අල්විස් පෙන්වා දෙයි.
නිවසේදීම කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද (අප්‍රේල් 27) කොළඹදී "පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" යන මැයෙන් වැඩසටහනක් පැවැත්විණි.
වෘත්තීයවේදීන් පිරිසක් විසින් සංවිධානය කරන ලද එම වැඩසටහනට එක් වූ මහාචාර්ය අජිත් අල්විස් කියා සිටියේ නිවසේ එකතුවන කසළ සියල්ල පිටතට බැහැර කිරීමේ ආකල්පය හේතුවෙන් රට තුළ කසළ අර්බුදයක් මතුව ඇති බවය.
මාර්ගයක් අසල ඉවත දමා තිබූ කසළ බෑගයක් එහිදී විවෘත කෙරුණු අතර එහි තිබූ කසළවලින් කොපමණ ප්‍රමාණයක් නිවාස තුළදීම ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය යන්න මහාචාර්ය අජිත් අල්විස් ඇතුළු කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් පිරිසක් එහිදී පෙන්වා දුන්හ.