ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"මේක ඔඩු දුවපු තුවාලයක්, ආණ්ඩුවම කරපු දෙයක්"
විල්පත්තුව අභය භූමිය තුළ කිසිදු වන විනාශයක් සිදු නොවන නමුත් ඊට උතුරින් පිහිටි ප්‍රදේශ කිහිපයක වන විනාශයක් සිදුව ඇති බව තමා සියැසින් දුටු බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.
2012 වසරේදී ගැසට් පත්‍රයක් මගින් එම ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචිකරවීම සඳහා ආණ්ඩුව කටයුතුකර ඇති හෙයින් එහි වගකීම ආණ්ඩුවම භාරගත යුතු බව ඔහු ප්‍රකාශ කළේය.
අද (ජන. 23) විල්පත්තුව, මන්නාරම ඇතුළු ප්‍රදේශ කීපයක සංචාරයක නිරත වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම සංචාරය පිළිබඳ වාර්තාවක් ජනපතිවරයාට ලබාදෙන බවය.