ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ජනතා විශ්වාසය බිඳවැටීමේ ප්‍රතිඵලය බියකරුයි"
ඕනෑම මැතිවරණයක් නියමිත දිනයට නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බව පෙන්වාදෙන ජාතික මැතිවරණ කොමිසම, එහි ප්‍රතිඵලය සර්වජන ඡන්ද බලය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීම විය හැකි බවටද අනතුරු අඟවයි.
සර්වජන ඡන්ද බලය කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමේ ප්‍රතිඵලය බියකරු බව 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව වටහාගත් බවත් කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
"බැලට් කියන එක පිළිබඳ විශ්වාසය නැතිවෙලා බුලට් කියන තත්වෙට මහජනයා යොමුවෙන්න පටන් ගත්තා," ඔහු පැවසීය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා තමන් දැනටමත් ඡන්ද පොල සියල්ල තීරණය කර අවසන් බවත් සඳහන් කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, මැතිවරණ සීමා නීර්ණය කමිටුවේ වාර්තාව භාරදීම පමාවීම මැතිවරණ කොමිසමට අදාළ කරුණක් නොවන බවත් පෙන්වා දුන්නේය.
අශෝක පීරිස් කමිටුවේ වාර්තාවට එක් සාමාජිකයකු අත්සන් නොතැබීම හේතුවෙන් එය අමාත්‍යවරයාට භාරදීම පමා වී තිබේ.