පිළිකා රෝගීන් වෙනුවෙන් ක්ෂණික ඇමතුම් සේවයක්

පිළිකා රෝගීන් වෙනුවෙන් ක්ෂණික ඇමතුම් සේවයක්

ඡායාරූප මූලාශ්‍රය, Cancer Care Trust

දිනකට පැය දොළහක් ක්‍රියාත්මක දීපව්‍යාප්ත පිළිකා උපදේශන ක්ෂණික ඇමතුම් සේවාවක් අද (දෙසැ.27) සිට ආරම්භ විය.

පිළිකා රෝගීන්ගේ ශාරීරික සහ මානසික තත්වය නගා සිටුවීම මෙන්ම වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර පිළිබඳ උපදේශන ලබා දීම අරමුණු කර ගත් "පිළිකා සරණ" ක්ෂණික ඇමතුම් සේවාව ආරම්භ කිරීමට කථානායක කරු ජයසූරිය ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයෝ සහ පිළිකා සරණ සංගමය මුල් වී කටයුතු කළහ.

Cancer Care Trust

ඡායාරූප මූලාශ්‍රය, Cancer Care Trust

පිළිකාවක් වැළඳීම හේතුවෙන් පසුගියදා මියගිය කථානායක කරු ජයසූරියගේ දියණියක් වූ ඉන්දිරා ජයසූරියගේ ස්වාමිපුරුෂයාවන බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් සහ ඇයගේ දරුවන් දෙදෙනා ද එහි සමාරම්භක උත්සවයට සහභාගී වී සිටියහ.

"පිළිකා සරණ" උපකාරක අනතුරු සේවාව 011-2363211 යන දුරකථන අංකය ඔස්සේ ක්‍රියාත්මක වෙයි.