අගමැති මෝඩි ඉන්දීය මූල්‍ය අර්බුදය නිරාකරණය කිරීමේ උත්සාහයක

ඉහළ වටිනාකම් සහිත අවලංගු කෙරෙන මුදල් නෝට්ටු
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉහළ වටිනාකම් සහිත අවලංගු කෙරෙන මුදල් නෝට්ටු

ඉහළ අගයකින් යුතු පැරණි මුදල් නෝට්ටු අවලංගුකර අදාළ වටිනාකමින් යුතු නව මුදල් නෝට්ටු නිකුත් කිරීමට ගත් තීරණය සමග ඉන්දියාවේ ව්‍යවහාර මුදල් සංසරණය සම්බන්ධයෙන් මතුවූ අර්බුදය විසඳීමේ උත්සාහයක් ලෙස අගමැති නරේන්ද්‍ර මෝඩී සහ භාණ්ඩාගාර නිලධාරීන් අතර හදිසි සාකච්ඡාවක් පැවැත්විණි.

ඉන්දීය රජයේ තීරණයට අනුව රුපියල් පන්සියයේ සහ දහසේ මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් සංසරණයවීම වළක්වනු ලැබීය.

එහෙත් මතුවී ඇති අර්බුදය හමුවේ ගනුදෙනුකරුවන් විසින් බැංකුවලින් ඉවත්කරගනු ලබන මුදල් ප්‍රමාණය සීමා කිරීමට දිල්ලි බලධාරීහු පියවර ගත්හ.

ඒ අනුව අවලංගු කෙරෙන පැරණි මුදල් නෝට්ටු බදු සහ බිල්පත් ගෙවීම්, ඉන්ධන සහ ගමන් බිමන් ගාස්තු ගෙවීම් සඳහා ලබන විසිහතර වෙනිදා තෙක් තවදුරටත් භාවිත කිරීමට අවසර දී ඇත.

මුදල් මාරුකර ගැනීමේ අදහසින්
ඡායාරූප ශීර්ෂ වැකිය, මුදල් මාරුකර ගැනීමේ අදහසින්

රුපියල් පන්සීයේ සහ දහසේ පැරණි මුදල් නෝට්ටු අවලංගු කිරීමේ තීන්දුව පසුගිය සතියේ ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟ දසලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් තමන් අත පැවති එම මුදල් නෝට්ටු බැංකුවල තැන්පත් කිරීමේ හෝ ඒවා අලුත් නෝට්ටුවලට මාරුකර ගැනීමේ අදහසින් බැංකු සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ඉදිරිපිට පැය ගණන් පෝලිම් ගැසී සිටියහ.

විශාල පරිමාණයේ නාමික අගයකින් යුක්ත මුදල් නෝට්ටු අවලංගු කෙරෙන්නේ බදු පැහැරහැරීම් වැළක්වීමට සහ දූෂණ මැඩලීමට බව අගමැති මෝඩි පවසයි.

එම තීන්දුව ගනුලබීමෙන් අනතුරුව ගනුදෙනුකරුවන් විසින් මේ වනවිට ඩොලර් කෝටි හතරහමාරකට ආසන්න ඉන්දියානු රුපියල් බැංකුවල තැන්පත් කරනු ලැබ ඇති ඉන්දීය නිලධාරීහු පවසති.